Friday, May 3, 2024

General line - 0115112241

අය වැයෙන් මත් පැන් මිල අඩු වැඩි වෙන හැටි මෙන්න

ඩිල්ෂාන් මඩවල




2018 අයවැය යෝජනා අනුව කෑන් බීරවල මිල අඩු වනු ඇතැයි වෙළඳපොල වාර්තා පවසනවා. කෑන් බීර මත පනවා තිබූ නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද මෙම අයවැය යෝජනා මගින් ඉවත් කර තිබීම ඊට හේතුවයි. 

මත්පැන් සඳහා වන සුරා බදු, මධ්‍යසාර පරිමාව පදනම් කර ගනිමින් කාණ්ඩ 03ක් යටතේ අයකර ගැනීමට ද 2018 අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ අනුව සැර මත්පැන් සඳහා මධ්‍යසාර ලීටරයට රුපියල් 3300ක බද්දක් අය කෙරෙනු ඇති. බියර් සහ වයින් සඳහා මධ්‍යසාර ලීටරයට රුපියල් 2400ක බද්දක් අය කෙරෙනවා. 

එතනෝල් නිෂ්පාදන සඳහා යොදා ගැනෙන අමුද්‍රව්‍ය වෙනුවෙන් ද සුරාබදු පැනවීමට යෝජිතයි. ඒ අනුව රා සඳහා ලීටරයකට රුපියල් පහක බද්දක්ද, මොලෑෂස්, ඉරිඟු, සහල් සහ පළතුරු සඳහා කිලෝ ග‍්‍රෑමයකට රුපියල් 10ක බද්දක් ද පැනවෙනු ඇති.  

මේ අතර මත්පැන් බලපත‍්‍රවලට අදාළ ගාස්තු ව්‍යුහය ලබන වසරේ ජනවාරී මස පළමු වනදා සිට සරල කිරීමට ද අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව මත්පැන් බලපත‍්‍ර නිකුත් කිරීම විධිමත් කිරීමට ද යෝජිතයි.