විදුලි වාහන සඳහා අය - වැයෙන් ලබාදුන් බදු සහනයට සංශෝධනයක් ගෙන එන බව ආණ්ඩුව පවසනවා.
ප්‍රකාශිත බදු සහනයේ අඩු පාඩු පිළිබඳ ඇතැම් පාර්ශව කළ පෙන්වා දීම් සැළකිල්ලට ගෙන මෙම සංශෝධනය ගෙන එන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසුවේ.
අදාළ බදු සහනය බ්‍රෑන්ඩ් නිවු හෙවත් අළුත්ම වාහන සඳහා පමණක් හිමිවන බව අය - වැය කතාවේදී ප්‍රකාශ වුණා.
එහෙත් ප්‍රායෝගික තත්ත්වයන් යටතේ පාරිභෝගිකයන්ට එම සහනය හිමි නොවන බවයි වාහන ආනයනරුවන් පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගෙන් විමසීමක් කළා.
අදාළ බදු සහනය සඳහා සංශෝධනයක් ගෙන එන බව ඔහු ප්‍රකාශ කළේ ඊට ප්‍රතිචාර දක්වමින්.
ඒ අනුව, අදාළ බදු සහනය රීකන්ඩිෂන් හෙවත් විදේශයකදී භාවිත කර ආනයන කරන විදුලි වාහනවලට ද හිමිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.