වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් අද විවිධ අදහස් පළ කළා. මේ සමගි ජන බලාවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්.
කෙසේවෙතත් අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවේ විපක්ෂයේ කණ්ඩායම් ඒකරාශී වුවද ඔවුන්ට කිසිදු ප්‍රතිඵලයක් අත්නොවන බවයි.
වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ මෙවන් අදහසක්.
මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමූනි මහතා, ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අදහස් පළ කළා.
දැනට අක්‍රියවී ඇති මාධ්‍යවේදී රක්ෂණ ආවරණයත්, මාධ්‍යවේදීන් හට ලබා දුන් ණය පහසුකම් පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවදානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.