ඉරාන - ඉරාක දේශ සිමා ආසන්නයේ සිදු වූ භූමි කම්පාවෙන් එහි වෙසෙන කිසිඳු ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා නොවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මෙතෙක් එවැනි පැමිණිල්ලක් හෝ ලැබි නොමැති බවයි එම කාර්යංශය කියා සිටියේ. 2017 වර්ෂයේ දී ඉරානයට ගිය ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අවම බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියා.
ඉරාන - ඉරාක දේශ සිමා ආසන්නයේ සිදු වූ මෙම භූමි කම්පාවෙන් මිය ගිය පුද්ගලයන් ගණන මේ වනවිට 400 ඉක්මවා ඇති බවයි විදෙස් පුවත් සේවා අනාවරණ කරන්නේ. තුවාල ලැබූ සංඛ්‍යාව 7000කට අධිකයි.