Monday, May 6, 2024

General line - 0115112241

‘‘ඇයට බලයක් - රටට වෙනසක්‘‘ ජනපතිගෙන් කාන්තාවන්ට ලැබෙන වරම




වත්මන් රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නිති සම්පාදනය කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලොව සංවර්ධිත රටවල බොහෝ අංශයන්හි කාන්තා නියෝජනය වැඩි වශයෙන් හා සම වශයෙන් පවතින බවයි. 

රාජ්‍ය සේවය තුළ කාන්තාවට නිසි තැන ලබාදීමට මේ වනවිටත් සිදුව ඇතැයි පවසන ජනාධිපතිවරයා සෙනෙහෙබරවූ ආදරය පිරි ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් සමාජයක ප්‍රමුඛත්වය සඳහා කාන්තා නියෝජනය වැදගත් බවයි පෙන්වා දෙන්නේ. 

‘‘ඇයට බලයක් - රටට වෙනසක්‘‘ තේමාව යටතේ පලාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබ`ද දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. බණ්ඩාරනාක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම වැඩසටහනට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරියන් ද එක්ව සිටියා.