රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිතව විශ්රාම ලබා සිටින නිලධාරීන්ට මේ මස සිට වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවීමට තීරණය කර තිබෙනවා.
ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මතයි.
ඒ අනුව සංයුක්ත දීමනාව, යහපත් කල්ක්රියා දීමනාව, යහපත් සේවා දීමනාව, දුෂ්කර දීමනාව, ප්රථමාධාර දීමනාව ඇතුළු සියලූම දීමනා ගෙවීමට ද කටයුතු කරනු ඇති.
රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සහ ආබාධිතව විශ්රාම ලබාසිටින නිලධාරීන් කලක සිට කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.