වැඩබලන විභාග කොමසාරිස් ජනරාල් ලෙස සනත් පූජිත පත්කර තිබෙනවා.
ඔහු හෙට (16) දිනයේ වැඩ භාරගැනීමට නියමිතයි.
හිටපු විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යංශයේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
එහෙත් ඔහුට මෙතෙක් කාර්ය භාරයක් පවරා නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර, ඊයේ (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවත් කෙරුණා.