Saturday, May 4, 2024

General line - 0115112241

දරුවන් සංවේදී පුරවැසියන් කරන්නනම් තාක්ෂණය ගැන වගේම කලාව ගැනත් හිතන්න!

නවෝද්‍යා ගමගේ




තාක්ෂණික විෂයන් සඳහා අයවැයෙන් දිරිගැන්වීම් ලබා දෙනවා සේම කලා විෂයන් සඳහා ද අවධානය යොමු විය යුතු බව ගුරු සංගම් පෙන්වා දෙනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ වත්මන් දරුවන් අනාගතයේදී සංවේදී පුරවැසියන් බවට පත්කිරීම සඳහා කලා විෂයන් ප‍්‍රවර්ධනය කළ යුතු බවයි.

මේ අතර ඉකුත් කාල සීමාව තුළ සිදු කරන ලද අරගල හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා වන වැය ශීර්ෂයන් මෙවර කිසියම් ප‍්‍රමාණයකට ආරක්ෂා වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට වෙන් කරන බවට පොරෙන්දු වූ සියයට 6ක ඉලක්කගත ප‍්‍රතිශතය  කරා යොමු වීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ වැඩිදුරටත් කියා සිටියේ.