Saturday, May 4, 2024

General line - 0115112241

අපිට ගහන බදු අපි පාරිභෝගිකයින්ගෙන් ගන්නවා

හර්ෂිකා සංජීවනී




අයවැයෙන් යෝජනා කළ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සඳහා වන නව බද්ද පාරිභෝගිකයින්ගෙන් අය කරගැනීමට සිදුවන බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග පවසනවා. අයවැයෙන් යෝජනා කර ඇත්තේ පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන අධෙර්යමත් කිරීම සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 10ක බද්දක් පැනවීමටයි.

දිරාපත්වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන සියලූ යන්ත‍්‍රසූත‍්‍ර, උපකරණ, අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සඳහා වන තීරු බදු ඉවත් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ද සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමයෙන් විමසීමක් කළා. 

නීති පනවනවා සේම එම නීති ක‍්‍රියාත්මක කිරීම සඳහා රජයද සූදානම් විය යුතු බවයි පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් ඇතුළු පොලිතින් නිෂ්පාදන කිහිපයකට පනවා ඇති තහනම ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට කි‍්‍රයාත්මක කරන බව රජය මීට පෙර ප‍්‍රකාශ කළා.