සංචාරක කර්මාන්තයේ ප්‍රගමණය උදෙසා මඩකලපුව ගුවන්තොටුපොළ වඩාත් ක්‍රමවත් ලෙස සිවිල් ගුවන් සේවා මෙහෙයුම් සඳහා විවෘත කිරීම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සිවිල් ගුවන් පියාසර කටයුතු සඳහා එම ප්‍රදේශයේ පවතින සුදුසු කාලගුණ තත්ත්වය, මඩකලපුව ගුවන්තොටු පොළෙහි සිට කිලෝමීටර 135ක අරයක් තුළ දේශීය ගඟන යාත්රාංගණ 05ක් පිහිටා තිබීම සහ ගුවන් යානා තදබදය අඩු, නිදහස් ගුවන් අවකාශයක් තුළ මෙහෙයුම් සිදු කළ හැකි වීම යනාදී වාසිදායක කරුණු සැලකිල්ලට ගෙන, මඩකලපුව ගුවන්තොටුපොළෙහි දේශීය ගුවන් සේවා මෙහෙයවීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනාද කැඳවා තිබෙනවා.
ඒ අනුව, මඩකලපුව ගුවන්තොටුපොළෙහි දේශීය ගුවන් සේවා මෙහෙයවීම හා ගුවන් යානා පියාසර පුහුණු පාසලක් පිහිටුවීම සඳහා M/s. Skurai Aviation ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය අමාත්‍ය මණඩල හමුවේදී අනුමැතිය ලබා දී තිබෙනවා.