Thursday, January 16, 2025

General line - 0115112241

යළිත් ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ අවධානමක්




ගැටළු කිහිපයකට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ඉකුත්දා ඇතිවූවාක් මෙන් ඉන්ධන අර්බුධයක් නැවත ඇතිවිය හැකි බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැදවුම්කරු ඩී.ජේ රාජකරුණා පවසන්නේ ඉන්ධන ගබඩා කිරීම සඳහා ටැංකි අත්‍යාවශ්‍ය බවය. තෙල් පිරිපහදුව යළි සැකසීමේ අවශ්‍යතාවයද ඔහු පෙන්වා දෙනවා.

පවතින ටැංකි හිඟය මගහරවාගැනීමට ටැංකි අලූතෙන් ඉදිකළ යුතු නොවන බව ද ඒ සදහා කළ යුත්තේ ත‍්‍රීකුණාමලය වරායේ ඇති ටැංකි ඛණිජ තෙල් සංස්ථාවට පවරාගැනීම බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

තෙල් ටැංකි 10ක් යළි පවරා ගැනීමට මීට පෙර අවස්ථා දෙකකදී කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද ඔහු පෙන්වා දෙනවා. ටැංකි හිඟයක් නැතිනම් එවැනි කැබිනට් අනුමැතියක් ලබොගෙන ඇත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කරනවා.

ශ‍්‍රී ලංකාවේ ටැංකි හිඟයක් නොමැති බව පවසමින් ත‍්‍රීකුණාමලය වරායේ ඇති ටැංකි ඉන්දියාවට පවරාදීමට ඇතැම් පිරිස් යෝජනා කරන්නේ ඉන්දියාවේ බලපෑම්වලට යටත්වීමෙන් බව ද ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටියා.