Thursday, May 9, 2024

General line - 0115112241

පාර වැසේ! විකල්ප මාර්ග භාවිත කරන්න!




කොටහේන ප‍්‍රදේශයේ මාර්ග 03ක් අද (17) රාත‍්‍රී නවයේ සිට ලබන 20 වනදා අලූයම 05 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බව පොලිසිය පවසනවා. ඒ, අලූතින් ජලනල එළීමේ කටයුත්තක් වෙනුවෙන්.

මේ අනුව කොටහේන අලූත් මාවතේ හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවත වසා තබනු ඇති. කොටහේන පොලිස් වසමේ කොටහේන වීදියේ මීටර් දෙසියයක දුරක් ද වසා තැබෙන බවයි පොලිසිය පැවසුවේ. මට්ටක්කුළිය ෆාම් පාරේ මීටර් 110ක් පමණ ද වසා දැමීමටයි නියමිතව ඇත්තේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරුණා. 

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙනවා.