දිවුලපිටිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි තැනැත්තකු ගෙල වැල ලාගැනීමට උත්සාහ කර තිබෙනවා. ඔහු විසින් ගෙල වැලලාගැනීමට කරන ලද උත්සාසය ව්‍යර්ථ ඇතිකර ඇති අතර, පසුව ඔහු ගම්පහ මහ රෝහලට අතුළත් කර තිබෙනවා.
වරෙන්තුවක් හේතුවෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති මොහු තමන් ඇඳ සිටි සරමෙන් අද (22) උදෑසන මෙසේ ගෙල වැලලාගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා ඇති අතර සැරයන්වරයකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුකරයවා තිබෙනවා.