අඹතලේ ජල පවිත්රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (25) උදෑසන 8.00 සිට පසුදා (26) අලුයම 2.00 දක්වා කොළඹ සහ තදාසන්න ප්රදේශ රැසක ජල සැපයුම අත්හිටවෙනබව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස මෙලෙස ජල කප්පාදුවට ලක්වනවා.