යාපනය ප්රදේශයේදී සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ යාපනය කෝපායි ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
රෙදි පිළි වෙළඳ සැළක සේවයේ නිරත ඔහු සේවය නිමවා යළි නිවසට පැමිණෙන අතරතුර පැහැරගෙන ගොස් ඇති බවයි පවුලේ සාමාජිකයින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ. යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.