මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳනුම්පත් ලබා දීමේ විශේෂ සේවාවක් ලබන 25 වනදා ක්‍රියාත්මකයි. එදින උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේදී මෙම සේවාව ක්‍රියාත්මක බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ වනවිට ඉල්ලූම් පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් තැපැල් කරමින් පවතින බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.