Sunday, April 28, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ඉල්ලීමට අධිකරණ තීන්දුව හෙට (UPDATE)

අධිකරණ වාර්තාකරු / තරංග රුක්ෂාන්




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ අද (28) ගොනු කළ රිට් පෙත්සමට අදාළ නියෝගය හෙට (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම ගොනුකළේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට ඉඩ ලබාදෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීරණය අභියාචනාධිකරණය හෙට ප්‍රකාශයට පත්කරනු ඇති.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මුල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු පාර්ශව 5ක් නම් කර තිබෙනවා.

---------------------

අත්අඩංගුවට නොගන්නැයි හිටපු ආරක්ෂක ලේකම්ගෙන් රීට් පෙත්සමක් (28-11-2017 12:12)

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත් අඩන්ගුවට ගැනීම වළකාලමින් රීට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමින් පොලිස්පතිවරය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පාර්ශවයන් පහක් නම් කර ඇති බව සඳහන්.