Sunday, April 28, 2024

General line - 0115112241

ධීවර සහ නාවික ප්‍රජාවට ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්




තද වැසි සහ තද සුළං හේතුවෙන් මුහුද රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි පැය 24ක කාලය තුළ මුහුදු ගමන් පිළිබඳ සැළකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට ගිනිකොන දෙසින් පවතින කි්‍රයාකාරි වළාකුළු පද්ධතිය මෙම කාලගුණ වෙනසට හේතුවයි.

ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං මෙන්ම මුහුද ද රළු විය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කරන අතර පැයට කිලෝමීටර් 80ක් දක්වා තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.