Sunday, April 28, 2024

General line - 0115112241

පොල්පිතිගමදි ඇත්දළ හා ගජමුතු අලෙවි කිරීමට තැත් කළ දෙදෙනා යළි රිමාන්ඩ්

අශෝක එරමිණිගම්මන




පොල්පිතිගම හොරගොල්ලාගම ප්‍රදේශයේ දී ඇත්දළ යුගලක් සහ ගජමුතු 6ක් රුපියල් ලක්ෂ 20කට අලෙවි කිරීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් මහව අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි නියෝග කළේ අධිකරණ භාරයේ ඇති ඇත්දළ යුගලයේ වටිනාකම පිළිබ තක්සේරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉකුත් 22 වැනිදා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.