Sunday, April 28, 2024

General line - 0115112241

මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් කැමත්තෙන් ඉන්න පිරිසක් ගැන JVPය කියයි




පළාත් පාලන මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (28) කැවූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය පිළිබඳව අධිකරණයට යොමුවීම යුත්ති සහගත නොවන බවයි.

මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද කැමැත්තෙන් පසුවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ජනතාවගේ ඡන්ද අයිතිය දිනාදීම සහා ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ ආරම්භ කිරීමට සූදානම් බවයි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ.