Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය සහ ඒකාබද්ධ විපක‍්ෂය අතර තවත් සාකච්ඡාවක්




ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය සහ ඒකාබද්ධ විපක‍්ෂය අතර තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී දෙපාර්ශවය එක්ව තරග කරන්නේද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉකුත් සෙනසුරාදා පැවති සාකච්ඡාව අවසන් වුයේ එකතාවකින්  තොරවයි.

එහිදී ගත් තීරණයක් අනුවයි එම සාකච්ඡාවේ තවත් අදියරක් අද (28) පැවැත්වෙන්නේ.

දෙපාර්ශ්වය පත්කළ කමිටු දෙකෙහි සාමාජිකයන් ඊට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කමිටුවට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයි.

ඒකාබද්ධ විපක්ෂය එම කමිටුව සදහා හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක සහ පවිත්‍රා වන්නිආරච්චි නම් කර තිබෙනවා.

ඒකාබද්ධ විපක‍්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්ද අද (28) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.