පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 මැතිවරණ කොමිසම අද (28) ප්‍රකාශයට පත්කළා.
ඒ අනුව ප්‍රාදේශීය සභා 68ක, නගර සභා 18ක සහ මහනගර සභා 7ක ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3ක, ගම්පහ දිස්ත්‍රික්කයේ ආයතන 6ක සහ කළුතර දිස්ත්‍රික්කයේ ආයතන 5ක ඡන්දය පැවැත්වෙනු ඇති.
ඡන්දය පැවැත්වෙන වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේයි. එම සංඛ්‍යාව 12ක්.
එහි විස්තර පහතින් දකින්න.