Saturday, January 18, 2025

General line - 0115112241

නාමයෝජනා භාරදීමේදී අනිවාර්යයෙන්ම කළ යුතු දේ

තරංග රුක්ෂාන් ජයසේකර




එළෙඔන පළාත් පාලන මැතිවරණයේදී එ් එ් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත‍්‍ර භාරදීමේදී නාමයෝජනා ලයිස්තු දෙකක් ඉදිරිපත් කලයුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

එ් අනුව පළමු නාමයෝජනා පත‍්‍රය සහ දෙවැනි නාමයෝජනා පත‍්‍රය වශයෙන් නාමයෝජනා පත‍්‍ර දෙකක් සකස් කළ යුතුයි. 

තවද නාමයෝජනා පත‍්‍රයට සීයයට 25ක කාන්තා නියෝජනයද අනිවාර්යෙන්ම ඇතුළත් වියයුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය වැඩිදුරටත් කියා සිටියා.

නීතිමය බාධාවක් නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා භාරගැනීම ලබන මස 11 වැනිදා ආරම්භ වනවා.