1980 වසරේ සිදුවූ මහා වැඩවර්ජනයට සමාන තවත් වැඩවර්ජනයක් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ රතු එළි දල්වනවා.
ඔවුන් මෙලෙස රතු එළි දැල්වූයේ පාර්ලිමේන්තුවේ ඊයේ (28) පැවැති අයවැය විවාදයේදීයි.
විෂයභාර අමාත්‍යවරයා හෝ ප්‍රමාණවත් ලෙස දනුවත් නොකර අයවැයට ඉදිරිපත් කර ඇති යෝජනාවක් පිළිබඳව ද මෙහිදී අනාවරණ වුණා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක සඳහන් කළේ "මුදල් ඇමතිවරයා සාප්පු හා කාර්යාල පනත වෙනස් කරන්නැයි යෝජනා කරන්නේ..කම්කරුවන්ගේ පැත්තෙන් බලලා නෙමෙයි. පැය 08 වැඩ දිනය ලංකාවේ නීතියක් කරලා තියෙන්නේ ඒකෙන්.. පැය 08 වැඩ දිනයට අත තියන්නයි ආණ්ඩුව මේ හදන්නේ." යනුවෙනි.
මෙම විවාදය අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාව පහතින් දැක්වෙනවා.
මේ අතර අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ අද (29) 11 වැනි දිනයයි. කර්මාන්ත හා වාණිජ, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.