පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (28) නැවත රැස්වී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.
නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 සඳහා ශ්රි ලංකා පොදුජන පෙරමුණ යටතේ අදාළ නාමයෝජනා පත්ර ලබන 04 වැනිදා වනවිට සකස් කර අවසන් කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.
ලබන 5 වැනිදා සිට නාමයෝජනා පත්රවලට අපේක්ෂකයන්ගේ අත්සන් ලබාගැනීමට ද මෙහිදී තීරණය කෙරුණු බවයි දේශපාලන ආරංචි පවසන්නේ.
ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා දිනවලදී නාමයෝජනා භාරදීමට ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන් තීරණය කර තිබෙනවා.
අද (29) සහ හෙට (30) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්රික් සංවිධායකවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි. ලබන 01 වැනිදා සහ 02 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යළි රැස්වීමට නියම කරගෙන තිබෙනවා.
මෙම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කිරීම ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගෙන ඇති තවත් තීරණයක්. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල එහි සාමාජිකයන් වනවා.