'ආවා' කල්ලියට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව යාපනය කේපායි පොලිසිය පවසනවා.
පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
යාපනය කොක්කුවිල් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට පත් වුණා. සැකකරු ප්‍රදේශයේ සිදුවු පුද්ගල කපා දැමීම් සහ සොරකම්, පුද්ගල බිය වැද්දීම් ආදී සිද්ධීන් රැසක් සඳහා අවශ්‍යව සිටි ප්‍රබල සැකකරුවෙකු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරු සතුව තිබී කඩුවක් සහ පහරදීම සඳහා යොදා ගන්නා යකඩ පොල්ලක් පොලිස් භාරයට ගැනුනා.