ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ප්රදේශයේදී පස කඳු කඩාවැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අවහිර වී තිබෙනවා.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්රි තැපැල් දුම්රිය ද ඉදිරියට හෝ පසුපසට ධාවනය කළ නොහැකිව මෙම ප්රදේශයේ නතර වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
එක් පසෙකින් මාර්ගයට කඩාවැටී ඇති පස් ඉවත් කර මෙම දුම්රිය ආසන්නතම දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එහි සිට මගීන් බස් රථ මගින් ප්රවාහනය කිරීමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
බදුල්ලෙන් අද (29) ධාවනය කිරීමට තිබූ දුම්රිය අවලංගු කිරීමට ද සිදුවූ බවයි පාලක මැදිරිය වැඩිදුරටත් කියාසිටියේ. කොළඹ සිට ගමන් ආරම්භ කළ පොඩි මැණිකේ දුම්රිය ද නානුඔයදී නතර කර ප්රමාද වී ධාවනය කිරීමට සිදුවන බව මෙහිදී ප්රකාශ කෙරුණා.