මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ දී නඩු කටයුතු සිදු වෙමින් පවතින මොහොතකදී ගිනිඅවියක් ක්‍රියාත්මක වී තිබෙනවා.
මෙලෙස ක්‍රියාත්මක වී ඇත්තේ පසුගිය දා දඹාන ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් මෙරට නිෂ්පාදනය කරන ලද තුවක්කුවක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා.
මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැති අතර අධිකරණ ගොඩනැගිල්ලේ බිත්තියට හානි සිදු වුණා.
එම අවස්ථාවේදී අධිකරණ කාර්ය මණ්ඩලය සහ අධිකරණයට පැමිණි පුද්ගලයන් නොසන්සුන්තාවට පත් වී සිටි බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.