එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීම මේ වනවිට සියයට 99ක් අවසන් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක පැවසුවේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු ද මේ වනවිට සිදුකෙරෙමින් ඇති බවයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සන්ධානගත වී හෝ වෙන් වෙන්ව තරග කළ ද මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නොබියව මුහුණ දෙන බව ද රවි කරුණානායක මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.