පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ අදාළ පනතේ පැවැති සුළු දෝෂයන් නිවැරැදි කිරීමේ අරමුණින්. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී මේ වනවිට පැවැත්වෙනවා. එහිදී විවාදයට ගැනෙන්නේ කර්මාන්ත හා වාණිජ, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන යන අමාත්‍යංශවල වැයශීර්ෂයි.