උතුරු මුහුදු ප‍්‍රදේශය ඊයේ (28) පස්වරුවේ සිට ඉතා රළු වී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
මුලතිව් මුහුද කළු පැහැයට හුරු අවපැහැයක් ගෙන තිබෙන බවයි ධීවරයන් ද කියාසිටියේ. මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු නාවික හමුදාව ද මුහුදේ තත්ත්වය නිරීක්ෂණය කර තිබෙනවා.
මීට සති 3කට පමණ පෙර මුලතිව් ප‍්‍රදේශයේ දී මුහුදු ජල මට්ටම අඩි 5ක් පමණ උස්වූ බවට ද වාර්තා පැතිර ගියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ පිළිබඳ තහවුරු කළහැකි වාර්තා කිසිවක් තවමත් ලැබී නොමැති බවයි. ඒ නිසා මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළ නොහැකි බව ද ඔවුන් කියා සිටියා.
කෙසේවෙතත් මේ දිනවල රට වටා බොහෝ මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.