Saturday, January 18, 2025

General line - 0115112241

"දෙමළ තරුණයින් යළිත් වරක් ආයුධ අතට ගන්න සැරසෙන්නේ නම්" - විග්නේශ්වරන්ගෙන් පැහැදිළි කිරීමක්

රොමේෂ් මධුෂංඛ - වන්නිය




දකුණේ ඇතැම් බලවේග හා දේශපාලනය හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද දෙමළ තරුණයින් එම අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් යළිත් වරක් අවි ආයුධ අතට ගැනීමට සැරසෙන්නේ නම් එය මුරුංගා අත්තක නැගීමේ ක්‍රියාවකට වඩා වෙනසක් නැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසනවා.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (28) යාපනය නල්ලූර් කෝවිල් මාර්ගයේ පිහිටි ඔහුගේ නිල නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, 

"පොදු අරමුණු ඉටු නොවන අවස්ථාවලදී ඒ වෙනුවෙන් කෙටි කලක් බලා සිට පසුව එම අරමුණු සපල කරගැනීම සඳහා අවි අතට ගැනීම ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි කරුණක්. නමුත් උතුරේ හෝ දකුණේ ආයුධවලින් සන්නද්ධවූවන්ට ලබාගත හැකිවූ කිසිඳු ජයග්‍රහණයක් නැහැ. විසඳුම් වෙනුවෙන් දමිළ තරුණයින් ආයුධ අතට ගන්නේ නම් එය මුරුංගා අත්තක නැගීමක් වැනි නිශ්ඵල ක්‍රීයාවක්"