පළාත් පාලන ආයතන ඡනද විමසීම සඳහා මෙවර උතුරු පලාතෙන් යාපනය චාවකච්ඡේරි නගර සභාව තුල පමණක් සිදු කෙරෙන බවට වාර්තා වනවා.
පළාත් පාලන ඡන්ද විමසීමේදී සීමා නිර්ණය ගැටලු හේතුවෙන් මෙවර උතුරු පළාතෙන්ම පළාත් පාලන ඡන්දය පැවත්වෙන්නේ චාවකච්චේරිය නගර සභාව තුල පමණයි.
මේ අතර පළමුව ඊයේ (28) දින ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂ සාමාජිකයින් පිරිසක් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී ඇම මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණා.