පාදුක්ක - කොළඹ මාර්ගයේ මීගොඩ පුවක්වත්ත දේශයේදී ඊයේ (29) දහවල් යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසනවා.
පාදුක්ක සිට මහරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක එම දෙසටම ධාවනය වූ යතුරු පැදිය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ හෝමාගම ප්රදේශයේ පෞද්ගලික ආයතනය සේවයේ නිරත වූ හෝමාගම උඩුවන පන්සල පාර පදිංචිව සිටි චාමර චතුරංග නමැති 24 හැවිරිදි තරුණයෙක්.
අනතුර සිදු වූ අදාළ බස් රථයේ රියදුරු මීපේ පොලසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර හදිසි මරණ පරීක්ෂණයසිදුකරන අතර මීපේ පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.