තමාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක කොළඹ මහාධිකරණයෙන් අද (29) ඉල්ලීමක් කළා.
ඕස්ට්‍රෙලියාවේ උසස් අධ්‍යාපනය ලබන සිය දියණියගේ උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගිවීමට මෙලෙස විදේශගත විය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ඉල්ලීම ලබන 04 වැනිදා සළකා බලන බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි කියා සිටියා.
තිස්ස අත්තනායකගේ විදේශ ගමන් දැනට තහනම් කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛන සකස් කර ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කළ බව කියන චෝදනාවකට අදාළවයි.