මාගම්පුර වරායේ සියළුම සේවකයින්ට හෙට(30) දින සිට සේවයට වාර්තා නොකරන ලෙස මාගම්පුර වරාය කළමණාකරන පුද්ගලික සමාගම විසින් දැනුම් දී තිබෙනවා.
එම වරායේ සේවය කරන සේවකයින්ට ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන ලෙසට අදාළ සමාගම මෙයට පෙර නිවේදනය කර තිබුණා.
ඒ සඳහා ලබාදී තිබු කාලය පසුගිය 27 වනදායින් අවසන් වී ඇති බවයි අදාළ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.
තම ගිවිසුම් පරිදි එම සමාගමේ කටයුතු අවසන් කර වරාය නැවතත් ශ්රී ලංකා වරාය අධිකාරියට භාරදිය යුතු බවයි සමාගම පෙන්වා දෙන්නේ.