පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යයම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව "රතු නිවේදනයක්" නිකුත් කර ඇතැයි පැවසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කඳුකරයේ හා ගංගා දෙපස වෙසෙන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බවයි.
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි මෙන්ම විටින් විට හමන තද සුළං පැයකට කි.මී. 70 - 80ත් තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආශ්‍රිතව පැවති අවපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එ් නිවේදනයේ සඳහන්.
මේ හෙතුවෙන් ධීවර ජනතාවට මෙන්ම නාවිකයන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.