ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය ආපදා තත්ත්වයක් බවට පත් වුවහොත් ඊට මුහුණ දීම සඳහා පොලිසිය සූදානමින් තබන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ අද (29) පස්වරුවේ අමාත්‍යවරයා අදාළ නියෝගය ලබා දුන් බවයි.
මේ වනවිට ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අධික වැසි ලැබෙමින් පවතිනවා.