පළාත් පාලන ඡන්දයට අදාළව ගොනු කළ පෙත්සම හෙට යළි කැඳවනලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (29)ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව අදාල පෙත්සම දෙසැම්බර් මස 4 දා කැඳවන ලෙසයි අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයා දැනුම් දුන්නේ.
පෙත්සම මහජනයාගේ ජන්ද අයිතිය සම්බන්ධයෙන් බලපාන ප්රශ්නයක් බැවින් කඩිනමින් සලකා බැලීමේ අවශ්යතාවක් ඇති බව නීතිපතිවරයා ඉකුත් 27 දා මෝසමක් ගොනු කරමින් දන්වා සිටියා.
ඒ අනුවයි මෙම පෙත්සම නියමිත පරිදි දෙසැම්බර් 4 දා කැදවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ.
ගැසට් නිවේදනය ක්රියාත්මක වීම අත් හිටුවමින් ඉකුත් 22 දා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ දෙසැම්බර් මස 4වනදා තෙක් බලපැවැත්වෙන පරිදියි. මෙම පෙත්සම නිෂ්ප්රභ කොට අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ නොකරන ලෙසට නීතිපතිවරයා මෙම මෝසමෙන් ඉල්ලා සිටියා.