Saturday, January 18, 2025

General line - 0115112241

කොළඹ සිට කිලෝමීටර් 300ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නවතම තොරතුරු අනාවරණය කරනවා.

එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ.

මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකියි.

-----------------------------

කොළඹ සිට කිලෝමීටර් 200ක් දුරින් පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වෙයි

(30-11-2017 06:17)

දිවයිනේ නිරිත දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු අනාවරණය කරනවා.

ඒ අනුව එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ.

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩි විය හැකි බවද සඳහන් කරනවා.

මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වෙනු ඇති.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රථ මුහුදු ප්‍රදේශ තවදුරයත් බලාපොරොත්තු විය හැකි බවද දන්වා සිටිනවා.

දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙනවා.