Saturday, January 18, 2025

General line - 0115112241

විදුලිය බිඳ වැටීමට හේතු කියයි

පසන් නන්දුල




අයහපත් කාලගුණයේ බලපෑමෙන් ප‍්‍රදේශ ගණනාවක සිදුවූ විදුලි බිඳවැටීම් යතාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දෙන්නේ ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා විදුලි බෙදාහැරීම් පද්ධතිවලට විවිධ හානිවීම් සිදුව ඇති බවයි. ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක මෙම තත්ත්වයන් දැකිය හැකි බවද සඳහන් කළා. තලවකැලේ, මස්කෙළිය, හැටන්, නුවරඑළිය, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටද මෙම විදුලි බිඳවැටීමේ බලපෑම් ඇති බව පෙන්වා දුන්නා.

කෙසේවෙතත් පද්ධතිය යථාතත්ත්වයට පත් කරමින් විදුලි සේවාව අඛණ්ඩව ලබා දීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවද පැවසුවා. ප්‍රමාදයන්ට හේතු වී ඇත්තේ එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය බවද සඳහන් කළා.