Saturday, January 18, 2025

General line - 0115112241

නිලධාරීන්ට අගමැතිගෙන් උපදෙස්




ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග‍්‍රාමාත්‍යවරයා දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පෙන්වා දෙන්නේ තද සුළං තත්ත්වය නිසා ප්‍රදේශ රැසක නිවාසවලට හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. අගමැතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් කටයුතු කරන බවද සඳහන් කළා. 

ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා හමුදා භටපිරිස් ද සූදානම් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.