Saturday, January 18, 2025

General line - 0115112241

ගොඩබිමට පැමිණීමට නොහැකි ධීවරයින් සොයා නාවික හමුදාව පිටත් වෙයි




මුහුදු ප‍්‍රදේශ කිහිපයකදී අනතුරට ලක්වූ යාත‍්‍රා කිහිපයක් යළි ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ අකුරණ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා කිහිපයක් ගොඩබිමට පැමිණීමට නොහැකි තත්ත්වයෙන් පවතින බවට නාවික හමුදාවට තවදුරටත් තොරතුරු වාර්තා වූ බවයි. අද අලුයම ඒ සඳහා කණ්ඩායමක් පිටත් කර හැරි බවද සඳහන් කළා.

තවද හම්බන්තොට ප්‍රදේශයෙන්ද මුහුදට ගිය ධීවර යාත්‍රා දෙකක් ගොඩබිමට පැමිණීමට නොහැකිව මුහුදේ නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වූ බවද ඒ සඳහාත් නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බවත් සඳහන් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ  පස් කන්දක් කඩාවැටීමෙන් බණ්ඩාරවෙල පහළ කහත්තේවෙල ප‍්‍රදේශයේ පුද්ගලයකු අද (30) අලූයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක්.

මේ වනවිට බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මිලිමීටර් 150ට වැඩි වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා.

තවද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා පළ වනවා. ධීවරයින් 12 දෙනෙකුද අතුරුදන් වී ඇති බවටයි සඳහන් වන්නේ.