Saturday, January 18, 2025

General line - 0115112241

ඉල්ලා අස්කර ගන්න එකඟ වුණා - ඇමති ෆයිසර් දන්වයි




පළාත් පාලන ආයතන ගණනාවක මැතිවරණය පැවැත්වීම අවහිර කෙරෙමින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට එම පෙත්සම්කරුවන් එකඟ වී ඇතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තුවට අද (30) දැනුම් දුන්නා.

අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශ සීමා නිර්ණයන් දක්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින්.

මෙම පෙත්සම සැළකිල්ලට ගෙන ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය ලබන 4 වැනිදා දක්වා කි‍්‍රයාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වාරණ නියෝගය කඩිනමින් ඉවත් කරවා ගැනීමේ අදහසින් මෙම පෙත්සම අද  කැඳවන්නැයි නීතිපතිවරයා මෝසමක් ද ගොනු කළා.

එහෙත් අභියාචනාධිකරණයෙන් ඊට අවසර ලැබුණේ නැහැ. ඒ අනුව මෙම පෙත්සම නැවත කැඳවීමට නියමිතව තිබෙන්නේ මුලින් නියම කළ පරිදි ලබන 4 වැනිදායි.