Saturday, January 18, 2025

General line - 0115112241

විමල්ට නඩු - චෝදනා 39ක්

අධිකරණ වාර්තාකරු




වසර හයක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 පමණ මුදලක් අයථා ආකාරයට උපයා ඇතැයි පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කොළඹ මහාධිකරනයේ නඩු පවරනු ලැබුවා.

විමල් වීරවංශ 2009 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට 2014 දෙසැම්බර් මස 31 අතර කාලය තුළ අමාත්‍යවරයකු ලෙසට කටයුතු කළ අවධියේ තම ආදායමෙන් උපයා ගත නොහැකි මුදල්, දේපල උපයා ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා කර සිටිනවා.

චෝදනා 39ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව මහාධිකරනයේ අධි චෝදනා ගොනු කර ඇති අතර අල්ලස් පනතේ 23 වගන්තියේ වරදක් කර ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම චෝදනා අතර ඉඩම් සහ වාහන මිලදී ගැනීමේ සිද්ධීන් අයත්. තවද බැංකු ගිනුම්වල මුදල් තැම්පත් කිරීම් ද ඇතුළත් වී තිබෙනවා.