පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අද (30) අත්හිටුවනු ලැබුවා. ඒ ඡන්ද දායකයින් 6 දෙනකු විසින් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් ඉවත් කරගැනීම හේතුවෙන්.
ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද පෙත්සම සළකා බැලූණා. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලබාදුන් පොරොන්දුවක් මත සිය සේවාදායකයින් අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බවයි.