Saturday, January 18, 2025

General line - 0115112241

වැස්සෙන් සහ සුළඟින් 20000ක් අවතැන්! 7ක් මරුට! 5ක් අතුරුදන්




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක 20000ක් පමණ පිරිසක් අවතැන්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගලයින් 7 දෙනකු ජීවිතක්ෂ්‍යට පත්ව ඇති අතර, 5 දෙනකු අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

පවුල් 179ක පුද්ගලයින් 1036 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 09ක රඳවා සිටිනවා. හපුතලේ ප‍්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන 04ක්, කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන 03ක් සහ වැලිමඩ හා රත්නපුර වැලිගෙපොළ යන ප‍්‍රදේශවල එක් ආරක්ෂිත ස්ථානය බැගින් පිහිටුවා තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

තද සුළං සහ වැසි හේතුවෙන් ඇති වූ ආපදාවලින් නිවාස 202කට පූර්ණ වශයෙන් හානි සිදුව තිබෙනවා. ඒවායෙන් නිවාස 157ක්ම කළුතර දිස්ත‍්‍රික්කයේයි. තවත් නිවාස 3250කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. කළුතර දිස්ත‍්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 672කට සහ බදුල්ල පස්සර ප‍්‍රදේශයේ එවැනි ව්‍යාපාරික ස්ථාන 04කට ද හානි සිදුව තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ. 

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප‍්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හෙට (01) සිට ක‍්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.