මුන්දලම උඩප්පුවේ සිට ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධීව ගමන්ගත් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන්, හලාවත ආරච්චිකට්ටුව නගුල්එළිය දුපත ආසන්නයට ගොඩගසා තිබෙනවා. මෙහි පුද්ගලයන් තිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගත් බවට තොරතුරු වාර්තා වන අතර ඉන් පුද්ගලයන් තිස් එකක් අද (30) පස්වරු තුන වනවිට ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහි සිටි අනික් පුද්ගලයන් සොයා ආරච්චිකට්ටුව පොලිසිය ප්‍රදේශය පුරා විශේෂ සොදිස්සි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
පසුගිය 28 වන දින රාත්‍රියේ මේ පිරිස රැගත් ධීවර යාත්‍රාව උඩප්පුව ප්‍රදේශයෙන් පිටත්ව ඇති අතර පෙරේදා හැමු සුළි කුණාටුව හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක් වීමත් සමග බෝට්ටුව අතහැර නියමුවා පැනගොස් තිබෙනවා. පසුව පාලනයකින් තොරවූ බෝට්ටුව නගුල්එළිය දුපත ආසන්නයට ගොඩගසා ඇත.
මේ බෝට්ටුවේ උඩප්පුව , මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන් සිටින බව ආරච්චිකට්ටුව පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවා.