පවතින කාලගුණ තත්වය හේතුවෙන් හෝර්ටන්තැන්න සහ යාල යන ජාතික වනෝද්‍යානවල මේ දිනවල සංචාරය කිරීමෙන් වළකින්නැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ග කිහිිපයක් ජලයෙන් යටවී ද ඇති බවයි ඔවුන් කියාසිටියේ. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 02 කොටස තාවකාලික වසා දමා ඇතැයි ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.