Saturday, January 18, 2025

General line - 0115112241

අාපදාවට පත්වූවන්ට වෛද්‍ය සහන ගන්න දුරකතන අංකය මෙන්න




ආපදාවට ලක්වූ සෑම දිස්ත‍්‍රික්කයකම සියලූ රෝහල් සදහා අවශ්‍ය තරම් ඖෂධ සහ කාර්යමණ්ඩලය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර පීඩාවට පත්වූවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකිරීම අතිරේක කැපවීමකින් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසනවා.

අවශ්‍යතා සහිත තැනැත්තන්ට සෞඛ්‍ය ආධාර ඉල්ලා සිටීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුරකථන අංකයක්ද විවෘත කර තිබෙනවා. එම දුරකථන අංකය 0712 15 11 1

මේ අතර ගස් කඩා වැටීමෙන් බස්නාහිර සහ දකුණ යන පළාත්වල ඇතැම් රොහල්වලට ද සුළු හානි සිදුව තිබෙනවා. එලෙස හානිවූ රෝහලවල අලූත්වැඩියාවන් සදහා යූධ හමුදාවේ සහය ලබාගැනීමට නියමිතයි. ඇතැම් රෝහලවල විදුලි සැපයුමද බිදවැටී තිබෙනවා. කෙසේ වෙතත් විදුලි ජනක යන්ත‍්‍ර යොදාගෙන ඒවායේ ප‍්‍රතිකාර සේවා සියල්ලද සාමාන්‍ය පරිදී පවත්වගෙන යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

එලෙස විදුලි සැපයුම බිදවැටී ඇති රෝහල්වල ගීතකරණය අත්‍යවශ්‍ය එන්නත් ආරක්ෂා කරගැනීම සදහාද විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.